ලැප්ටොප් චාජරය පුපුරා දරුවෙක් මරුට!

ලැප්ටොප් පරිගණකයක චාජරය පුපුරා යෑමෙන් වයස අවුරුදු 14ක දරුවෙක් මියයාමේ පුවතක් වාර්තා වේ.
අම්බලංගොඩ කොබෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචි සිසුවා ඊයේ (16) පස්වරුවේ ලැප්ටොප් පරිගණකය උකුළ මත තබාගෙන එය විදුලියට සම්බන්ධ කර භාවිත කරමින් සිටියදී මෙම සිදුවීමට ලක්ව තිබේ.
සිසුවා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මියගොස් තිබේ.