පාස්පෝට් ගාස්තු අද සිට ඉහළට!

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් අද (17) සිට වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කර තිබේ.
ඒ අනුව එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අය කෙරෙන මුදල රු. 15,000 සිට 20,000 දක්වා වැඩිකර තිබේ.
සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රු.3,500 සිට රු. 5,000 දක්වා වැඩිවී තිබේ.
