දේශීය ආදායම් සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනියි.

 දේශීය ආදායම් සංශෝධනය ව්‍යවස්ථාවට පටහැනියි.

රජය විසින් ඉදිරිපත් කළ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය විසින් තීරණය කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පතේ විධිවිධාන පිළිබඳ සමස්ත සලකා බැලීමේදී, සමස්තයක් ලෙස පනත් කෙටුම්පත, ආණ්ඩුක්රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස කරන බව ද කතානායකරවයා පවස‍යි.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක් ගොනු කිරීමෙන් පසුව අධිකරණය මෙම තීරණය ගෙන ඇත.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි.

Newspedia 01

Related post