හිරුණිකා අපිව අපයෝජනය කරනවා! – පොලීසිය අධිකරණයට කියයි!

 හිරුණිකා අපිව අපයෝජනය කරනවා! – පොලීසිය අධිකරණයට කියයි!

පොලීසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් 14 දෙනා ඊයේ (15) දින ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරන ලදී.

එහිදී අධිකරණය හමුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිමින් ඔවුන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කරන බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

ඊයේ දිනයේ මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇත්තේ පොලීසිය වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා මහතා විසිනි.

Newspedia 02

Related post