වව්නියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන්ට මොකද වුණේ?

 වව්නියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන්ට මොකද වුණේ?

වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටියදී ඊයේ (15) දින සවස රැඳවියන් පස් දෙනෙකු පැනගොස් ඇති බව වාර්තා විය.

මෙසේ පැන ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව පොලීසිය සහ යුදහමුදාව ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම ඊයේ සවස සිටම ආරම්භ කොට ඇතැත් මේ දක්වා පලාගිය සැකකරුවන් සොයාගැනීමට හැකියාව ලැබී නොමැත.

උතුරු පළාතේ විවිධ වූ මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් අධිකරණ නියෝගයන් මත පූන්තෝට්ටම් පුනරුත්තාපන මධ්‍යස්ථානයේදී යුදහමුදා අධීක්ෂණයන් පරිදි පුනරුත්තාපනය කරනු ලබයි.

කෙසේ වෙතත් ඊයේ (15) සවස් කාලයේදී පුනරුත්තාපනය වූවන්ට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ලබාදෙන කාලය අතරතුර සැකකරුවන් 05 දෙනෙකු පැනගොස් තිබේ.

පලා ගිය සැකකරුවන් අවුරුදු 22 ත් 32 ත් අතර වයස්හි මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූ තරුණ සැකකරුවන් වන අතර ඔවුන්ගේ පදිංචියද උතරු පළාතේම වන බැවින් ඉදිරි දිනයන්හි ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවට වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Newspedia 01

Related post