අපේ කාලෙයි අදයි සසඳන්න එපා!

 අපේ කාලෙයි අදයි සසඳන්න එපා!

තමන් ක්‍රීඩා කරන කාලයේ සහ 2022 ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් බව ප්‍රවීණ ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන පවසයි.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සිදුකරන්නේ, තාක්ෂණයත් සමඟ බව දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධර්මසේන මහතා සඳහන් කළේය.

ඒ අනුව තමන් ක්‍රීඩා කරන කාලයේ මෙන් වර්තමානයේ ක්‍රීඩා කළහොත් පළමු වටයෙන්ම එළියට යාමට සිදුවන බවත් එම නිසා ඒ කාලය සහ වර්තමානය සංසන්දනය කිරීම අනවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි.

පවතින කාලය අනුව තාක්ෂණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම හැඩගැසී ඇති බව පවසන කුමාර් ධර්මසේන මහතා, එහි යම් යම් තැන් නිවැරදි විය යුතු බවත් ඒවා නිවැරදි කරගනිමින් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ තැනකට පැමිණිය හැකි බවත් අවධාරණය කරයි..

Newspedia 01

Related post