බැංකු සොරුන් අල්ලන්න මහජන සහාය පතයි

අවිස්සාවේල්ල, මාරඹේ ග්‍රාමීය බැංකුව වෙතට ඇතුල් ව රුපියල් ලක්ෂ 50ක පමණ රන් ආභරණ සහ මුදල් සේප්පුව සොරා ගත් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා අවිස්සාවේල්ල පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.
පසුගිය 3 වැනිදා අලුයම පුද්ගලයන් තිදෙනකු විසින් බැංකුවේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී සොරකම සිදුකරන අයුරු CCTV කැමරාවල සටහන් ව තිබේ.
කැමරා දර්ශනවලින් සැඟවී සිටීමට අදාළ පුද්ගලයින් තිදෙනා කුඩයක් ඉහළගෙන සොරකම සිදුකරන අයුරු ද එම දර්ශනවල සටහන්ව තිබෙන අතර, සොරුන් විනාඩි 40ක ආසන්න කාලයක් බැංකුව තුළ රැඳී සිට ඇතැයි CCTV දර්ශන නැරඹීමේ දී අනාවරණය වී තිබේ.
අපරාධය සඳහා පැමිණි පුද්ගලයන්ගේ ඡායාරූප CCTV දර්ශන ඇසුරෙන් අපරාධ ලේඛනාගාරයේ චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නඟා තිබුණේ මේ අයුරිනි.

එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයට අමතරව සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
එම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත්, 0718 592 425 ,0718 593 754 , 0718 591 423 යන දුරකථන අංකවලට හෝ 0362 222 380 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.