ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා අරමුදලට මි.120ක්!

 ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා අරමුදලට මි.120ක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරඟ සංචාරයේ දී තරඟ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරන, රටේ සියලුම ක්‍රීඩා ක්‍රියාකාරකම් දියුණු කිරීමේ මෙහෙවරෙහි කොටසක් ලෙස මෙම ප්‍රදානය ලබාදී තිබේ.

Newspedia 01

Related post