පැතුම් නිශ්ශංක තම ප්‍රථම විදෙස් ලීග් ගිවිසුමට එළඹෙයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තම ප්‍රථම විදෙස් ලීග් ගිවිසුමට එළඹ තිබේ.
ඒ අනුව, එළඹෙන බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය සඳහා රංග්පූර් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පැතුම් ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.
බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරගමාලාව 2023 ජනවාරි මාසයේ දී ආරම්භ වීමට නියමිතය.
