නිවස පෙනෙන මානයේ ම පියා සහ දියණිය බිලිගත් බීමත් රියදුරු!

 නිවස පෙනෙන මානයේ ම පියා සහ දියණිය බිලිගත් බීමත් රියදුරු!

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කණුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණියක මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

පොලිසිය පැවසුවේ මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථය මීරිගම පස්යාල මාර්ගයේ පල්ලෙවල පොලිස් වසමේ කොටකන්ද හන්දිය ආසන්නයේදී පියා සහ දියණිය ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පියා සහ දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පාර අංක 52 ලිපිනයේ පදිංචිව සිටි චන්දන නිශාන්ත 54 මහතා සහ නෙවින්දි දිල්ෂිකා 14 දැරියයි .

මියගිය දියණිය මීරිගම බණ්ඩාරනායක මහා විදුහල මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවා ගෙන යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .

පියා සහ දියණිය අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේ දීමය. තත්පර දෙක තුනක කාලයක් පමණක් ගත වූයේ නම් ඔවුනට නිවසට යාමට පවා කල් වේලා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ අදාළ පුද්ගලයා බීමතින් සිට ඇති බව වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වී තිබේ.

පල්ලෙවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Newspedia 01

Related post