තවත් පොහොට්ටු රැසකට සංවර්ධන කමිටු සභාපතිකම්!

 තවත් පොහොට්ටු රැසකට සංවර්ධන කමිටු සභාපතිකම්!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස පත්කර ඇති අතර ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ලබාදී තිබේ.

ඒ අනුව අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන

  1. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග
  2. මහින්ද අමරවීර
  3. නසීර් අහමඩ්
  4. විදුර වික්‍රමනායක
  5. ජගත් පුෂ්පකුමාර
  6. සහන් ප්‍රදීප්
  7. ජනක බණ්ඩාර තෙන්නකෝන්
  8. රෝහිත අබේගුණවර්ධන
  9. කරුණාදාස කොඩිතුවක්කු
  10. එස්.එම්.චන්ද්‍රසේන
  11. නාලක බණ්ඩාර කොට්ටෙගොඩ
  12. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
  13. පවිත්‍රා වන්නිආරච්චි
  14. සිරිපාල ගම්ලත්
  15. නිපුන රණවක
  16. එස් වියාලේන්ද්‍රන්
  17. ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්,

යන අය මෙම පත්වීම් ලිපි ලබාගෙන තිබේ.

මීට පෙර ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසකටද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි ලබාදුන් බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Newspedia 01

Related post