චීනය සමග ‘නව සීතල යුද්ධයක්’ නෑ!

චීනය සමඟ “නව සීතල යුද්ධයක්” ඇති නොවන බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පොරොන්දු වී තිබේ. ඒ චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමඟ පැවති සුහද සාකච්ඡාවක දී ය.
චීනය තායිවානය ආක්‍රමණය කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු කියා සිටියේය.
බයිඩන් බලයට පත්වීමෙන් අනතුරුව සුපිරි බලවතුන් දෙදෙනා අතර සිදු වූ පළමු පුද්ගලික හමුව එය විය.
ඉන්දුනීසියානු දූපතේ පැවැත්වෙන ජී 20 සමුළුවට දිනකට පෙර බාලි හි පැවති සාකච්ඡාවේදී උතුරු කොරියාව සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව ද දෙදෙනා සාකච්ඡා කළහ.
යුක්රේනයේ න්‍යෂ්ටික අවි භාවිතයට තමන් විරුද්ධ බව දෙදෙනාම කියා සිටියහ. (BBC)