ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙන විදිය වෙනස් කරයි!

 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙන විදිය වෙනස් කරයි!

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.

අද (14) මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවය.

“ඔබට මතක ඇති පසුගියකාලයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයත් ආවා ළමයින්ට හොඳටම අමාරු වුණා කියලා. පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන්ම දරුවන්ට විභාගය එපා වුණා කියලා. මොකද පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ විභාව්‍යතා මනින ප්‍රශ්න පත්‍රයක්. ඒක උගන්නලා නෙමෙයි මනින්නේ. එතකොට පළවෙනි ප්‍රශ්න ප්‍රතය බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න තුනකින් සමන්විත ප්‍රශ්න 40ක්. එතකොට මේක ටිකක් අමාරුයි. මෙතෙක් කල් හැමදාම ඉස්සරලා දීලා තිබුණේ පළමු ප්‍රශ්න පත්‍රය කිව්වා. දැන් අපි මේ සැරේ දෙක එක කළා. ඒ කියන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ළමයා ඉගෙන ගත්ත දේවල්. එතකොට ළමයා තමන්ට සමීප දෙයින් දුෂ්කර දේටයි ගමන් කරන්නේ.”

මේ අතර, අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 වනදා ආරම්භ වී පෙබරවාරි මස 17 වනදා අවසන් වීමට නියමිත බව ද විභාග කොමසාරිස්වරයා පැවසීය.

Newspedia 02

Related post