ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යක් කරන්නේ 2048 දී!

ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යක් බවට පත්කරන වසර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණයක් සිදුකරයි.
එනම් නිදහසින් වසර 100ක් සම්පූර්ණ වන 2048 වසරේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යක් බවට පත්කරන බවයි.
අද පාර්ලිමේන්තුවේදී 2023 වසරට අදාළ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
“තරගකාරී නවීන ආර්ථිකයක් සඳහා වූ අපේ ගමන මේ අයවැයත් සමඟ 2023 වසරේ අපි ආරම්භ කරනවා. නිදහසින් වසර 100 සපිරෙන 2048 වනවිට සංවර්ධිත රාජ්‍යක් බවට ශ්‍රී ලංකාව පත්කරන පසුබිම මේ අයවැය යෝජනා හරහා සකස් කරනවා.”