වසරකට රු. බිලියන 40ක් අහිමි වන සිකරැට් සෙල්ලම…

මේ වනතෙක් අයවැය මගින් දුම්වැටි වල මිල ඉහළ දැමුවද වැඩි කළ යුත්තේ මිල නොව දුම්වැටි බදු මුදල් බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
එහිදී අයවැයෙන් සිගරැට් සදහා මිල වැඩි කළද සිගරැට් සමාගම් සමග යම් යම් පිරිස් ඇති කරගෙන ඇති ගනුදෙනු හේතුවෙන් වසරකට රුපියල් බිලියන 40ක පමණ බදු ආදායමක් රටට අහිමි වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළිදරව් කරයි.
දුම්වැටි සදහා නිවැරදිව බදු පැනවූවා නම් මොරගහකන්ද වැනි දැවැන්ත ව්‍යාපෘති චීනයට ණය නොවී සිදු කළ හැති බව එහි විධායක් අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පෙන්වා දුන්නේය.