රනිල්ගෙ අයවැය ඡන්ද 135 ක් අරගෙන සම්මත වෙනවා!

 රනිල්ගෙ අයවැය ඡන්ද 135 ක් අරගෙන සම්මත වෙනවා!

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා සඳහන් කළේ මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන අය වැයක් වනු ඇති බවය.

මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක් වන අතර වංචනික ලියවිල්ලක් නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පිළිගන්න සූදානම් දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප සභාපතිවරයා පැවසූයේ එන කෙනෙක් පිළිගන්න සූදානම් බවයි.

එහෙත් විපක්ෂය දුර්වල නොකළ යුතු බව ද එජාප සභාපතිවරයා කීය .

Newspedia 01

Related post