තිලිණි ප්‍රියමාලි කතා වස්තුවේ ඔබ නොකියවූ පරිච්ඡේදයක්!

 තිලිණි ප්‍රියමාලි කතා වස්තුවේ ඔබ නොකියවූ පරිච්ඡේදයක්!

තිලිණි ප්‍රියමාලි පසුගිය දිනවල පුවත් මැවූ තැනැත්තියකි. ඒ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි. ඈ දැල දමා ඇත්තේ නිකම්ම නිකම් හාල්මැස්සන්ට නොව දේශපාලන, කලා, ආගමික ආදී විවිධ ක්ෂේත්‍රවල තෝරුන් මෝරුන්ට බව පසුගිය පුවත් සනාථ කරයි.

මේ තවමත් හෙලි නොවූ කතාවකි. ක්ලැරන්ස් කුමාරගේ නමැත්තා ද තිලිණි සමග ගනුදෙනු කළ පුද්ගලයෙකි. ගනුදෙනු කීවාට කොටින්ම තිලිණිගේ ව්‍යාපාර සහකරුවෙකි. දැන් ඔහු ද තිලිණි තමන්ව රැවටූ බව කියයි. නමුත් අප වෙත ලැබුණු තහවුරු නොකළ තොරතුරු කියාපාන්නේ මේ චෝදනා හුදු තමන් සහ තිලිණිගේ වංචාවන්ට සබඳතාවයක් නොමැති බව කියන්නට දෙදෙනාම එක් වී සිදු කළ ප්‍රෝඩාවක් පමණක් බවය.

ක්ලැරන්ස් කුමාරගේ තම බිරිඳ සමගින්, තිලිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු ශම්මික බණ්ඩාර


මේ කියන ක්ලැරන්ස් චරිත් කොස්මැටික්ස් නම් ආයතනයේ සභාපතිවරයාය. සේමිණි ඉද්දමල්ගොඩ නම් නිළිය සමග ‘සෙක්ස් ටෝක්ස් ඉෂූ කළ’ බවට චෝදනා ලද පුද්ගලයාය. ක්ලැරන්ස් ට දුවෙක් සහ පුතෙක් සිටී. පුතු චරිත් ය. ක්ලැරන්ස්ගේ දුවට විවාහය සඳහා තරුණයෙකු සූදානම් කිරීමට ඔහු කටයුතු කර ඇත්තේ ද ඉතා අපූරු ආකාරයට ය. ඒ වසර 20 කට වඩා කාලයක් තම දියණියගේ සමීපම යෙහෙළියක විවාහ ගිවිසගෙන සිටි තරුණයෙකු එම විවාහයෙන් දික්කසාද කරවාගෙන තම දියණිය හා සම්බන්ධ කිරීමෙනි. මෙම අසෝබන සිදුවීමට තිලිණි ප්‍රියමාලි නමැත්තිය සෘජුව සම්බන්ධ වී ඇති අතර, ඇය ක්ලැරන්ස්ගේ පවුලට සම්බන්ධ වීමෙන් අනතුරුව ක්ලැරන්ස්ගේ පවුල තුළ මෙවන් විස්මිත වෙනස්කම් රැසක් සිදුව තිබේ.

තිලිණි, ක්ලැරන්ස්ගේ පවුලට සම්බන්ධවීමට ප්‍රථම අතිශය සාමාන්‍ය ජීවිතයක් ගත කළ ක්ලැරන්ස්ලා තිලිණිගේ ආගමනයත් සමග සීඝ්‍ර භෞතික දියුණුවක් ලැබූ අයුරු තතු දත් පුද්ගලයෝ මැනවින් දනිති. 2018 දී කොට්ටාවේ කුළී නිවෙසක දිවි ගෙවූ ක්ලැරන්ස්ලා තිලිණිගේ එකතු වීමෙන් පසු හිටි අඩියේ පොහොසත් වූ ක්ලැරන්ස්ගේ දියණියට Gold Plated V8 රථයක් ද එකතු වූයේ හාස්කමකින් මෙනි.

ක්ලැරන්ස් කුමාරගේ යනු තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාර සහකරුවෙකු මෙන්ම මහා පරිමාණ වංචාවේ කේන්ද්‍රගත චරිතයක් වන බවට වන රූපමය සාක්ෂි අපි ඔබ හමුවේ මෙසේ ඉදිරිපත් කරන අතර, තිලිණිට එරෙහිව ක්ලැරන්ස් විසින් ගොනු කර තිබෙන්නේ ව්‍යාජ නඩුවක් බවත් ඔහුගේ චරිත ලක්ෂණ අනුව ක්ලැරන්ස් ‘රත්තරන් පොලු 75’ වැනි සිහිනයන්වලට රැවටෙන සීනි බෝල චරිතයක් නොවන බවත් අපගේ විශ්වාසයයි.

තිලිණි ප්‍රියමාලි සහ ක්ලැරන්ස් කුමාරගේ

එමතු ද නොව, තිලිණි ප්‍රියමාලි යනු ක්ලැරන්ස් කුමාරගේ ගේ පවුලේ අභ්‍යන්තර කටයුතුවලට දැඩිව මැදිහත් වූ කාන්තාවක් බව ඔබට අප මේ ගෙන හැරපාන සාක්ෂි මනාව කියාපානු ඇත. කොටින්ම තිලිණි ක්ලැරන්ස් යුවලට කතා කරන්නේ ‘ඩැඩා – මමා’ යනුවෙනි. එමෙන්ම ක්ලැරන්ස්ගේ දරුවන්ගේ පෞද්ගලික ජීවිතවලට කෙළින්ම මැදිහත්වන තිලිණි ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් පැළඳුම් ගමන් බිමන්වලට පවා බලපෑම් කරයි. ක්ලැරන්ස්ගේ පුත් චරිත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් කරවීම සඳහා තිලිණිගේ මැදිහත්වීම පෙන්වන හඬ පටයක් ද මේ සමග අප අමුණා තිබේ. ක්ලැරන්ස් සහ තිලිණිගේ බාහිර ස්වරූපය පවා බෙහෙවින් සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. ඇය ක්ලැරන්ස්ගේ පවුලට සම්බන්ධ වූ ආකාරය සහ අනෙකුත් කරුණු සංසන්දනය කිරීමේ දී තිලිණි ප්‍රියමාලි යනු, ක්ලැරන්ස් කුමාරගේගේ ලෙයින් උපන් දියණියක වන්නටත් ඉඩ ඇති බව අපගේ අනුමානයයි.

අපේ කතාවට පාදක වන ශ්‍රව්‍ය දෘෂ්‍ය සාක්ෂි පහතින්..

ක්ලැරන්ස්ගේ පුත් චරිත් තිලිණි ප්‍රියමාලි සහ සිදුවීම සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට පත් බොරැල්ලේ සිරිසුමන නම් භික්ෂුව

ක්ලැරන්ස්ගේ දුව සම්බන්ධ ඡායාරූප

තිලිණි ප්‍රියමාලි, ක්ලැරන්ස්ගේ දියණියට උපදෙස් දෙන හඬ පට – 1
තිලිණි ප්‍රියමාලි, ක්ලැරන්ස්ගේ දියණියට උපදෙස් දෙන හඬ පට – 2
තිලිණි ප්‍රියමාලි, ක්ලැරන්ස්ගේ පුතාට උපදෙස් දෙන හඬ පටයක්
තිලිණි ප්‍රියමාලි, ක්ලැරන්ස් කුමාරගේ ඇතුළු පවුලේ පිරිස විනෝද වන අවස්ථාවක්

Newspedia 01

Related post