චීනයට විරෝධය පෑ UNP ශෂීට, UNP යෙන්ම විනය ක්‍රියාමාර්ග!

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය විසින් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුකරන ලද විරෝධතාවය හේතුවෙන් ඇයට එරෙහිව පක්ෂය මගින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස චීනයට බලකරමින් ශෂී හෙට්ටිආරච්චි මෙනවිය පසුගියදා කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වනු ලැබිණි.
ඒ අනුව මේ පිළිබඳව රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ “ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෂී හෙට්ටිආරච්චිගේ මෙම විරෝධතාවයට එජාපයේ සම්බන්ධයක් නැහැ. අපේ පක්ෂය රාජ්‍ය තාන්ත්‍රිකභාවය විශ්වාස කරන අතර රජය චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා ණය ප්‍රශ්න විසඳා ගැනීමේ කාර්යයේ නිරතව සිටිනවා,”
“ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුදල් අමාත්‍යවරයාගේ ප්‍රශ්නයක් මිස ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයක් නොවේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පක්ෂය නුදුරේදීම තීරණය කරයි,”