අරගල බිමේ සබුද්ධික තාරුණ්‍යයට ජීවය දුන් ‘නිර්මාණී’ සමුගනී!

 අරගල බිමේ සබුද්ධික තාරුණ්‍යයට ජීවය දුන් ‘නිර්මාණී’ සමුගනී!

අරගල බිමේ සබුද්ධික තාරුණ්‍යයේ ප්‍රදීපයක් වූ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි.

පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.

දුෂිත පාලනයෙන් රට නිදහස් විය යුතුය යන ඒකායන අභිලාශය අතැතිව ගෝඨාගෝගම අරගල භූමියට පිවිසි ඇය තම දැනුම හා කුසලතාවය ගෝඨාගෝගම අරගල භූමිය වෙනුවෙන් නිරතුරුව ලබාදෙන ලදී.

ඇය අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරමින් තාරුණ්‍යයේ නව අදහස් තුලින් රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද යනවග මෙරට පාලන තන්ත්‍රයට ගෙනහැර දැක්වූ සුවිශේෂී තරුණ චරිතයක් ගොඩනගන ලදී.

වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණි ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ අතර ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි.

ඊයේ දින ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකිරීමෙන් අනතුරුව ඇය මෙරට සියලු ජනතාවට පාඩම් රැසක් කියාදී අප අතරින් නිම ගියේය.

නිරන්තරයෙන් අරගලය සමඟ සම්බන්ධ වූ මාධ්‍ය ආයතනයක් ලෙස අප නිර්මාණී ලියනගේ ගේ හදිසි වෙන්වීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව මෙසේ පළකරමු!

Newspedia 02

Related post