හෙට ජල සැපසුම අත්හිටුවන තැන් මෙන්න..

ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය අට හමාරක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව පෑලියගොඩවත්ත, ජා ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට මෙන්ම ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජය සැපයුම අත්හිටුවීමට නියමිතය.