විරෝධතා පාගමනක් සිදුකළ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට!

අරගලයේ මව්වරු සංවිධානයක් විසින් අද (12) උදෑසන කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනක සංවිධානය කොට තිබී ඇත.
එහිදී එම පාගමනේ ගමන් කල කාන්තාවන් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියේ විශාල පිරිසක් පැමිණ එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එයට බාධා සිදුකළ තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම කාන්තාවන් දෙදෙනා බොරැල්ල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.