ගෝඨාගේ පොහොර තහනමෙන් අඩු වූ අස්වැන්නේ ගණන් හදයි!

රසායනික පොහොර තහනම් කිරිමෙන් පසු වගා කළ පළමු මහ කන්නයේ අස්වැන්න, පෙර මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොලොස් ලක්ෂයකට අධික ප්‍රමාණයකින් අඩුවී ඇති බව අනාවරණය වී තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.
ඒ අනුව 2021 වර්ෂයේ මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාර් 6,81,521ක වී වගාව සිදුකර ඉන් වී මෙට්‍රික් ටොන් 30,61,394ක අස්වැන්නක් එම වර්ෂයේ ලබාගෙන ඇති බව සඳහන් වේ.
2021 මහ කන්නයට සාපේක්ෂව 2022 වසරේ මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගා කර තිබුණද රසායනික පොහොර තහනම නිසා අස්වැන්න ලෙස ලැබී ඇත්තේ වී මෙට්‍රික් ටොන් 19,31,230ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වල සඳහන් වේ.
එම මහ කන්නයේ වී අස්වැන්න පෙර මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 11,30,164ක අඩුවීමක් බව සඳහන් වේ.