බී ළූණු මිල ඉහළ යයි

 බී ළූණු මිල ඉහළ යයි

දේශිය වෙළඳපොළේ බී ළුණු මිල ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙළඳුන් පවසති.

ඉකුත් සතියේ රු. 200 සිල්ලර මිලකට අලෙවි කල බි ළුණු කිලෝවක් අද (11දා) රු. 300 – 320 අතර මිලකට අලෙවි කරන බවත්, වෙළඳපොළේ ඉල්ලුමට සරිලන බී ළුණු සැපයුමක් නොතිබීම හමුවේ බී ළුණු මිල ඉහල ගොස් ඇති බවයි වෙළඳුන් කියා සිටියේ.

දේශිය බී ළුණු තොග අවසන් වීමත් සමග දැනට වෙළඳපොළේ අලෙවි කිරිමට ඇති බී ළුණු ආනයනික බී ළුණු බවත්, එම බී ළුණු වල තොග මිල වැඩි කිරිම නිසා සිල්ලර මිල වැඩි වී ඇති බවද වෙළඳුන් පැවසිය.

බී ළුණු මිලට සමගාමිව රතු ළුණු කිලෝවක් රු. 760 සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

ලංකාදීප

Newspedia 01

Related post