ප්‍රමාදය නිවැරදි කර ‘විශ්‍රාම වැටුප’ කොටස් 2 කට ගෙවනවා!

 ප්‍රමාදය නිවැරදි කර ‘විශ්‍රාම වැටුප’ කොටස් 2 කට ගෙවනවා!

ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ වනවිට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති අතර ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අදහස් පළකර තිබේ.

ඒ අනුව විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේදී පසුගිය කාලයේ සිදුවූ ප්‍රමාදය නිවැරදි කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමෙන් පසුව කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවය.

Newspedia 02

Related post