ජනපති වෙත නව තානාපතිවරු 7ක් සහ මහකොමසාරිස්වරයෙක් අක්ත පත්‍ර භාර දෙයි

අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු 7 දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් සිය අක්ත පත්‍ර භාරදී තිබේ.
මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස අක්ත පත්‍ර භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.



