සේවක දීමනා කපන UDA කාමරයක් විවෘත කරන්න ලක්ෂ ගණන් වැය කරයි!

 සේවක දීමනා කපන UDA කාමරයක් විවෘත කරන්න ලක්ෂ ගණන් වැය කරයි!

නාගරික සංවර්ධන අධිකාරිය විසින් පාලනය කරනු ලබන; බත්තරමුල්ල සෙත්සිරිපාය පහළ මාලයේ ගොඩනැගිලි ඉදිකිරීමේ අයදුම්පත් භාරගැනීමේ කාර්යාලය වශයෙන් පවත්වාගෙන ගිය කුඩා කාමරය කඩා නවීකරණය කොට නැවත එම කුඩා කාර්යාලය විවෘත කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කර තිබේ.

එම විවෘත කිරීම වෙනුවෙන් මේ මොහොතේ වෝටර්ස් ඒජ් හෝටලය තුළ රුපියල් ලක්ෂ ගණනක් වැය කර ඉහළ නිලධාරීන්ට දිවා ආහාරය සහිත උත්සවයක් පැවැත්වෙමින් පවතී.

නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයින් ගේ වෛද්‍යධාර දීමනා පවා මේ වන විට කපා දමා ඇති තත්වයක් තුළ මෙවැනි උත්සව පැවැත්වීම ගැන සේවකයින් ප්‍රශ්න කරමින් පවතී.

නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ සෘජු දැනුවත්වීම යටතේ, ඔහුගේ සමීප හිතවතෙකු හා ඥාතියෙකු බව කියන එම අධිකාරියේ සභාපතිවරයාගේ මෙහෙයවීම මත මෙම සාදය සංවිධානය කරගෙන යමින් පවතින බව ද කියැවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ඉහළම බලධාරීන් මේ දිනවල කතා කරන්නේ අධික වියදම් කපාහැරීම ගැන වීම ද මේ ‘විහිළුවේ’ හාස්‍යජනක බව වැඩි කරන්නකි.

UDA සේවකයන් ඇතුළු පොදු මහජනතාවට නම් මෙය හුදු විහිළුවක් නොවන ‘මාරාන්තික විහිළුවකි’

Newspedia 01

Related post