සියලු නවකවද සිදුවීම් විමර්ශනය CID භාරයට!

මින් ඉදිරියට නවක වදය සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා CID භාරයට යොමුකළ යුතු බවට පොලිස්පතිවරයා විසින් නියෝග කොට තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත මේ පිළිබඳව දැනුම්දීමක් ද සිදුකර ඇති බවයි.