සාරිය අඳිනවද? ගලවනවද? – රටපුරා ගුරු මත විමසුමක්!

 සාරිය අඳිනවද? ගලවනවද? – රටපුරා ගුරු මත විමසුමක්!

සුදුසු ඇඳුමකින් පාසලට පැමිණීමට ගුරුවරුන්ට අවස්ථාව දියයුතු බවට ලංකා ගුරු සංගමය විසින් කළ ඉල්ලීමට අදාලව රට පුර මත ගණනාවක් ගොඩනැගෙනු දැකගත හැකි විය.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පවා පවසා සිටියේ ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් නිර්දේශ නොකරන බවත් ගුරුවරුන් 90%ක් එයට අකමැති බවත්ය.

මෙම ප්‍රකාශය හමුවේ පාසල් ගුරුවරුන්ගේ ඇඳුම පිළිබඳව රට පුරා සියලු පාසැල් ගුරුවරුන්ගේ මතය විමසීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇති බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.

මෙම මත විමසුම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

‘ලංකා ගුරු සංගමය රට පුරා සමීක්ෂණයක් අපි ආරම්භ කරලා තියෙනවා ඔන්ලයින් සමීක්ෂණයක්. අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරියන් මතය මොකද්ද කියන කාරණය. මත විමසුමක් කරන්න පෙළඹුණේ අමාත්‍යවරු කිව්වා ගුරුවරියන් 90%ක් අකමැතියි කියලා. අපිට අවශ්‍ය වුණා ඇමතිට පෙන්වන්න මේකට කොච්චර අය අකමැති ද කියන කාරණය’

Newspedia 02

Related post