විද්‍යුත් වාහන භාවිතයට මාර්ගෝපදේශ මාලාවක්!

විද්‍යුත් රථවාහන බැටරි අපද්‍රව්‍ය ක්‍රමවත්ව පරිසරයට බැහැර කිරීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශමාලාවක් සකස් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම පිළිබඳව මූලික සාකච්ඡාව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.
ඒ අනුව මෙම වැඩපිළිවෙල සඳහා සහයෝගය ලබාදීමට USAID ආයතනය එකඟතාවය පළකර තිබේ.