ජන හා නිවාස සංගණනයක් ඇරඹේ!

 ජන හා නිවාස සංගණනයක් ඇරඹේ!

2023 වසරේ මුල් මාස කිහිපය තුළ ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට සැලසුම්කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි පළමු අදියර වන සිතියම් ගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම් ප්‍රසාද් අනුර කුමාර මහතා පැවසුවේය.

එහි දෙවන අදියර වන ලැයිස්තු ගත කිරීම සඳහා නිලධාරින් පුහුණු කිරීම, මේ මස සහ ලබන මස සිදුකිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ සහාය හිමිවන බව ද ප්‍රසාද් අනුර කුමාර මහතා සඳහන් කළේය.

Newspedia 02

Related post