ධනුෂ්කගේ උණුසුම යන්ඩත් කළින් චාමික කැසිනෝ ශාලාවක ගහගන..

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ලිංගික අපයෝජන චෝදනාවේ උණුසුම පිටවීමටත් තවත් ක්‍රීඩකයෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වී තිබේ.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටයි.
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි කාලයේ දී චාමික කරුණාරත්න සිඩ්නි නගරයේ කැසිනෝ ශාලාවක් තුළ ගැටුමක් ඇති කර ගත් බව හිරු රූපවාහිනිය වාර්තා කළේය.
ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවට ගිය කණ්ඩායමට ප්‍රිය සම්භාෂණ සඳහා ආරාධනා විස්සකට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුනද ඉන් කළමනාකාරිත්වයේ අවසරය හිමිව තිබුණේ හයකට පමණකි.
නමුදු ඇතැම් ක්‍රීඩකයන් කළමනාකරු නොමඟ යවමින් සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවට මේ වනවිට වාර්තා වී ඇති බවත් ක්‍රීඩකයන්ගේ විරෝධී හැසිරීම පිළිබඳව පැමිණිලි රැසක් මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා සඳහන් කරන ලදී.
එහිදී මෙම සිදුවීමේදී කැසිනෝ ශාලාවේ සිටි වෙනත් පුද්ගලයෙකුට චාමික කරුණාරත්න පහර දී ඇති බවත් එම ගැටුම සමථයකට පත් කර තිබුණේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ බවත් වැඩිදුරටත් වාර්තා වේ.