තිළිණිගේ සම්බන්ධය ගැන සංගීතාගෙන් CIDය ප්‍රශ්න කරයි.

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මේ වන විට මෙරට ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී.
ඊට අදාලව ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා විරරත්න මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (07) දිනයේ පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
සංගීතා වීරරත්න සහ මුල්‍ය වංචාවට හසුවූ තිළිණි ප්‍රියමාලි සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවීම මත මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.