එදා විරෝධයේදී පොලීසිය මාව අපයෝජනය කළා! – හිරුණිකා

පසුගිය 02දා පැවති විරෝධතාවයේදී තමන් ඇතුළු කාන්තාවන් කිහිප දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් අපයෝජනයට ලක්කළ බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
එහිදී ඒ මහත්මිය පවසා ඇත්තේ විරෝධතාවකදී පිරිමියෙකු හෝ කාන්තාවක් අහම්බෙන් තල්ලු කිරීම හෝ නොදැනුවත්ව ස්පර්ශ කිරීම සාමාන්‍ය දෙයක් වන නමුත් එදින පොලිස් නිලධාරීන් තමන් සමග පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන තමන් ඇතුළු කාන්තාවන්ව අයුතු ලෙස ස්පර්ශ කරමින් අපයෝජනය කල බවයි.
එම පොලිස් නිලධාරීන්ගේ අංක මෙන්ම වීඩියෝ දර්ශන ද තමන් තමන් සතුව ඇතැයි ද ඇය කියා සිටී.