ආංශික අධීක්ෂණ කාරක සභා ගැන කථානායකගෙන් ඉල්ලීමක්!

 ආංශික අධීක්ෂණ කාරක සභා ගැන කථානායකගෙන් ඉල්ලීමක්!

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (08) දින පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් සිදුකරන ලදී.

ඒ ආංශික අධීක්ෂණ කාරක සභ නව ස්ථාවර කාරක සභා ත්‍රිත්වය පිහිටුවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසයි.

එහිදී පාර්ලිමේන්තුවේ පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත් කිරීම සඳහා සභාවේ අනුමතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බව කථානායකවරයා නිවේදනය කළේය.

එසේම, පිහිටුවීමට නියමිත කාරක සභා සම්බන්ධව අද දවසේදී අවසන් තීරණයකට එළඹ සියලු වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Newspedia 02

Related post