50ක් පැනගිය කන්දකාඩු ගැටුම ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි!

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබේ.
මේ අතර, ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඊයේ (06) රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.
ඒ අතර මැද රැඳවියන් 50කට ආසන්න පිරිසක් පළාගොස් ඇත.
ගැටුමින් එහි දේපල වලට දැඩි අලාභහානි සිදුව ඇති අතර පලා ගිය රැඳවියන් මෙහෙයුමක් ආරම්භකර තිබේ.