වැඩි කළ ඉන්ධන කෝටාව අද සිට!

 වැඩි කළ ඉන්ධන කෝටාව අද සිට!

ත්‍රිරෝද රථ සඳහා වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද දිනයේ සිට ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාතේ ලියාපදිංචි කුලී ත්‍රිරෝද රථ සඳහා අද දිනයේ සිට ලීටර් 10ක් ලබාදීමට නියමිතය.

මීට පෙර ත්‍රිරෝද රථ සඳහා ලීටර් පහක ඉන්ධන කෝටාවක් ලබාදීමට පියවර ගෙන තිබුණි.

මේ අතර වෘත්තීය ත්‍රිරෝද රථ හිමියන්ගේ සත්‍ය වු හඬ සංවිධානයේ කැදවුම්කරු රෝහණ පෙරේරා මහතා වැඩි වු ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වීම අනිවාර්යය බව සඳහන් කළේය.

Newspedia 02

Related post