මගේ කමිටුවෙන් ඡන්ද කල් දාන්නෙ නෑ!

පළාත් පාලන ආයතන සඳහා වන කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට පවත්වනු ඇති බව ද, මහින්ද දේශපිය මහතා කියයි.
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව බිහිවීමේ ප්‍රධාන කාර්ය රටේ පවතින තත්ත්වයත් සමග වියදම් අඩු කිරීම සඳහා අටදහසක්වූ සභික සංඛ්‍යාව 4000-5000 අතර ගණනකට අඩු කිරීමයි.
“මේ කමිටුව පිහිටුවීමෙන් කිසිසේත්ම පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිදුවෙන්නේ නැහැ. එම ඡන්දය නියමිත කාලයේ තියන්න පුළුවන්. ඒකට මේ කමිටුවෙන් කිසිම බාධාවක් හෝ බලපෑමක් සිදුවන්නේ නැහැ.
ඡන්දය පැවැත්වීම හෝ කල් දැමීම සිදුකළ හැක්කේ රටේ පවතින නීතිරීති හා අනපනත් අනුවයි.”
මහින්ද දේශප්‍රිය, පළාත් පාලන ආයතන සඳහා වන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව