ආශාවරී ළමා සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවයි!

 ආශාවරී ළමා සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවයි!

මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පරිවාස දෙපාර්තමේන්තුව සහ පොලීසිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

වයස අවුරුදු 16ට අඩු දැරියන් යොදවා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යානොහැකි බව දන්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණි.

ඒ අනුව, කම්කරු දෙපාර්තමේන්තුව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවා තිබේ.

මේ අතර, ආශාවරී සංගීත කණ්ඩායමේ කටයුතු අත්හිටුවීම ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇති අතර සිදුවීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස පවසා තිබේ.

“ඇත්තටම මේක හරි වැරදි වැඩක්. දක්ෂ දරුවන්ට තම කලා හැකියාවන් ඉදිරියට ගෙන යන්නට අප අත දිය යුතුයි. ඔවුන්ට එවැනි නීති ලෝකේ කොහෙවත් හදන්න බෑ. කලාව කියන්නේ වෙනම මාධ්‍යයක්. මයිකල් ජැක්සන්, අවුරුදු 10න් සිංදු කියන්න පටන් ගත්තේ. නන්දා මාලිනී කොච්චර අඩු වයසින්ද පටන් ගත්තේ. මම රඟපාන්න ගත්තේ අවුරුදු 16න්. මමත් ළමයෙක් ඒ කාලේ. ලිට්ල් ස්ටාර් එහෙම බලන්නකෝ දක්ෂ දරුවෝ කොච්චර බිහිවෙනවද කියලා. හැකියාව මොට කරන්න එපා. විමර්ශනයක් කළා. වහාම කියන්න මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා.”

Newspedia 02

Related post