ශ්‍රී ලංකාවට එක් අවස්ථාවක් අහිමි කරමින් නවසීලන්තය ජයගනී.

මෙවර T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ අයර්ලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 185 ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 150 ක් පමණි.