කොන්ද පණ නැති සජිත් එක්ක අපි යන්නේ නෑ!

 කොන්ද පණ නැති සජිත් එක්ක අපි යන්නේ නෑ!

ජාතික ජන බලවේගය, සජිත් ප්‍රේමදාස වැනි කොන්ද කෙළින් තබා ගෙන තීන්දු ගත නොහැකි දේශපාලඥයෙකු සමඟ එකට සිට ගැනීමට අකමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ පනතකට විරුද්ධව තීන්දුවක් ගන්න බැරි පුද්ගලයකු සමග හිටගෙන ඉදිරියට යාමට සුදානම් නැති බව ද හෙතෙම කියා සිටියේය.

එවන් පුද්ගලයෙකු සමග හිටගෙන ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාව සඳහා ජාතික ජන බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ කියා සිටියේය.

Newspedia 02

Related post