අපේ සාරි ගලවන්ඩ හදන ස්ටාලින්ට අමුඩයක් ගස්සනවා! – පොහොට්ටුවේ හඳපාන්ගොඩ

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට අමුඩයක් අන්දවා පාසල් කැඳවිය යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කරයි.
පාසල් ගුරුවරියන්ගේ සාරිය ගලවා වෙනත් ඇඳුමක් ඇන්දවීමට ජෝශප් ස්ටාලින්ට අයිතියක් නොමැති බවත් ඊට විරෝධය පළ කර පොහොට්ටු ගුරුවරුන් ක්‍රියාත්මක වන බව ඒ මහත්මිය පවසයි.
“ගුරුවරියන්ගේ සාරිය ගැලවීමට ජෝශප් ස්ටාලින්ට අයිතියක් නැහැ. ඊට විරෝධය පළ කරලා අපි අධ්‍යාපන ඇමැතිට, ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
මේ යන විදියට ගිහිං තව ටික දවසකින් ගුරුවරුන්ටත් සැහැල්ලු ඇඳුමක් ඕනෑ කියලා ජෝශප්ලා අමුඩයක් ඇඳගෙන පාසල් එන්න ඕනෑ කියයිද දන්නෑ.
ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ විෂය මාලාව ක්‍රමවත් කිරීම සම්බන්ධව ගුණාත්මක අධ්‍යාපන වැඩපිළිවෙළක් බිහි කිරීමට ඉල්ලීම් කළ යුතු මොහොතක, ජෝශප්ලා මේ රෙද්දක් අල්ලගෙන දඟලන්නේ කුමන මගඩියකට දැයි සිතා බැලිය යුතුයි”