හිටපු විදුහල්පතිවරයෙක් අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරයි.

 හිටපු විදුහල්පතිවරයෙක් අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරයි.

අහංගම ශාරීපුත්‍ර විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා වෙත එල්ල වී තිබූ අල්ලස් චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබේ.

පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුලත් කර ගැනීම සඳහා ඇගේ පියාගෙන් රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු විදුහල්පතිවරයා විත්ති වාචක නොකැඳවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා මෙසේ නියම කළේය.

නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙන අතරතුර උපාය දුතිය වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරිණීය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දීගත නොහැකිව හඬා වැටුණු බව කියමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්ති වාචක නොකැඳවාම විදුහල්පතිවරයා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය,

Newspedia 01

Related post