ශ්‍රී ලංකාවට තවත් අවස්ථා දෙකක් ඉතිරිව තිබේ.

 ශ්‍රී ලංකාවට තවත් අවස්ථා දෙකක් ඉතිරිව තිබේ.

එංගලන්තය විසින් නවසීලන්තය පරාජය කිරීමෙන් අනතුරුව Group 1 හි රටවල් තුනක්ම ප්‍රසාද ලකුණු 5 ක් ලබාගෙන තිබේ. එම රටවල් වන්නේ නවසීලන්තය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ය.

තවමත් එකදු රටක් හෝ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා නැත.

ශ්‍රී ලංකාවට තවමත් සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව පවතී. එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් එම අවස්ථාව ශ්‍රී ලංකාවට උදාකර ගත හැකිය.

ශ්‍රී ලංකාව විසින් එංගලන්තය පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා අවස්ථා දෙකක් ඉතිරිව පවතී.

  • ශ්‍රී ලංකාව එංගලන්තය පරදවද්දී ඇෆ්ගනිස්ථානය විසින් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව තරග බලාපොරොත්තුව ඉහළ නැංවෙනු ඇත.
  • ශ්‍රී ලංකාව එංගලන්තය පරදවද්දී අයර්ලන්තය විසින් නවසීලන්තය පරාජයට පත් කළහොත් ශ්‍රී ලංකාවට තවත් අවස්ථාවක් හිමිවනු ඇත.

Newspedia 01

Related post