පාස්කු ප්‍රහාර නඩුවෙන් බදියුදීන් නිදහස් කරයි!

 පාස්කු ප්‍රහාර නඩුවෙන් බදියුදීන් නිදහස් කරයි!

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවෙන් බදියුදීන් නිදහස් කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් නඩුව ඉදිරියට ගෙන නොයන ලෙස නීතිපතිවරයා කළ උපදෙස් මතය.

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු කළ ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් 2021 අප්‍රේල් 24 වැනි දින රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු දින 111ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටියේය.

Newspedia 01

Related post