ත්‍රීවිල් එකෙන් කොළඹ වටේ යන්න සංචාරකයෙකුගෙන් ලක්ෂ එකහමාරක් අරන්..

නවසීලන්ත ජාතිකයෙකු විසින් තමාව කොළඹ නගරය වටා සංචාරය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් සංචාරක මග පෙන්වන්නෙකු විසින් ලබාගත් බවට පොලීසියට කළ පැමිණිල්ලක් සිදුකර තිබිණ.
ඊට අදාලව අදාල මගපෙන්වන්නා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙහිදී මග පෙන්වන්නා ත‍්‍රිරෝද රථයකින් සංචාරකයාව කොළඹ නගරයේ සංචාරය කරවීම සඳහා මිල ගණන් විමසා ඇති අතර එහිදී ත්‍රී රෝද රථයේ රියදුරා පවසා ඇත්තේ ඩොලර් 20ක් අයකරන බවය.
ඒ අනුව මේවනවිට මෙරට ඩොලරයක් රුපියල් 4,500 ක් වන බවත් එම මුදල රුපියල් වලින් ලබාදෙන ලෙසත් කළ ඉල්ලීම අනුව නවසිලන්ත ජාතිකයා එම මුදල බැංකු කාඩ් පතක් මගින් ලබාගෙන ඔහුට ලබාදී තිබේ.
ඒ අනුව සැකකාර තීරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.