ආරක්ෂක ලේකම්වරයාට නොතීසි!

ආරක්ෂක ලේකම්වරයා, සියඹලාණ්ඩුව දිස්ත්‍රික් ලේකම්වරයා හා ඇතිමලේ පොලිස් ස්ථානාධිපති අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
ඒ කැබිලිත්ත රකෂිත වනාන්තරයට පුද්ගලයින් පිරිසක් අනවසරයෙන් ඇතුළුවී එහි ගස් කපා නීතිවිරෝධී කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබීම හේතුවෙනි.
වන අපරාධකරුවන්ගෙන් කැබලිත්ත රක්ෂිත වනාන්තර කලාපය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ආරක්ෂක ලේකම් ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.