අද පාගමනට, පොලීසියේ සැලකීම බලන්න මානව හිමිකම් නිලධාරීනුත් එයි!

පොලිස් ආඥා පනතේ පවතින ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා භාවිත නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
අද (02) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමනට අවසර ලබාගන්නා ලෙස පොලීසිය නීතිවිරෝධී ලෙස දැනුම් දී ඇති බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එක්ව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව අවධාරණය කර ඇති බව සඳහන්ය.
ඒ අනුව අද දින පාගමන සිදුවන අවස්ථාව අධීක්ෂණය සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරී කණ්ඩායමක් යෙදවීමට ද අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.