හෙට විරෝධතාවට ජවිපෙ එන්නේ නෑ! – අපි රට වටේ යන ගමන් ඉන්නේ! – ලාල්කාන්ත

 හෙට විරෝධතාවට ජවිපෙ එන්නේ නෑ! – අපි රට වටේ යන ගමන් ඉන්නේ! – ලාල්කාන්ත

ආණ්ඩුව ගෙනයන මර්දනයට එරෙහිව හෙට (02) දින දේශපාලන පක්ෂ හා සංවිධාන එක්ව සිදුකිරීමට නියමිතව ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසා ඇති බව පුවත්පත් වාර්තා කොට තිබේ.

ඒ මහතා හෙට පවතින විරෝධතාවය පිළිබඳව අදහස් දන්වමින් පවසන්නේ ‘එය කුමන අදහසකින් කාගේ වුවමනාවට කරන ලද්දක්දැයි කිසිදු අදහසක් නොමැති බවයි’.

එහිදී මෙවැනි විරෝධතා වලට නොයා ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය රටපුරා ජනතාව අමතමින් රට දිනවීමට සාර්ථක වැඩපිළිවෙළක් සිදු කරගෙන යන බවත් ජනතාව සමඟ එක්ව මර්දනය පරාජය කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසයි.

“රටේ විවිධ උද්ඝෝෂණ තිබෙනවා. බඩගිනි උද්ඝෝෂණ තියෙනවා. බඩු මිල වැඩිවීමට එරෙහි උද්ඝෝෂණ තියෙනවා. එක එක උද්ඝෝෂණ තියෙනවා. හෙටත් උද්ඝෝෂණයක් තියෙනවා කියනවා. ඔය කියන උද්ඝෝෂණ ගැන අපිට අදහසක් නෑ. මොකට කවුරු විසින් කරනවද කියලා අදහසක් නෑ. අපේ ඊට කිසිම සම්බන්ධයකුත් නෑ.

අපි රටපුරා ජනතාව සාර්ථකව සම්බන්ධ කරගෙන උද්ඝෝෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මර්දනය පරාජය කිරීමට අප ජනතාව සමඟ කටයුතු කරනවා. විශේෂයෙන්ම මර්දනය නවත්තන්න කියා අපි පාලකයන්ගෙන් ඉල්ලන්න යන්නෙ නෑ. පාලකයෝ ඒක කරන්නෙත් නෑ. ඒ නිසා අපි ජනතාව එක්ක එකතු වෙලා රට දිනවන්න කටයුතු කරනවා”

Newspedia 02

Related post