හෙට උද්ඝෝෂණ කරන අය දේශද්‍රෝහීන්!

 හෙට උද්ඝෝෂණ කරන අය දේශද්‍රෝහීන්!

හෙට පැවැත්වෙන උද්ඝෝෂණවලට සහභාගි වන අය දේශද්‍රෝහීන් ලෙස සැලකිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අද පැවසීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ හෙට පැවැත්වෙන විරෝධතාවට සහභාගී වන සියලු දෙනා දේශද්‍රෝහීන් ලෙස සැලකිය යුතු බවය. ඔවුන් රටේ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට දායක වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

“අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල යම් ප්‍රමාණයකට අඩුවීමත්, සංචාරක ක්ෂේත්‍රය පිබිඳීමත් සමඟ යම් ආකාරයක ස්ථාවරත්වයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. නමුත් මෙවැනි විරෝධතාවලින් රටට මේ සියලු ජයග්‍රහණ අහිමි වෙන්න පුළුවන්.”

“ශ්‍රී ලංකාව තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් ජාත්‍යන්තර බලවේග විසින් ඇතැම් දේශපාලන කණ්ඩායම් නොමඟ යවා තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ජනතාව බුද්ධිමත්ව වැඩ කිරීමට සහ සන්සුන්ව සිටීමට සමත් වුවහොත් වසරකින් ශ්‍රී ලංකාව ශක්තිමත් වේවි,”

Newspedia 01

Related post