වැඩි කළ ත්‍රි රෝද ඉන්ධන කෝටාව ලියාපදිංචිය අද

 වැඩි කළ ත්‍රි රෝද ඉන්ධන කෝටාව ලියාපදිංචිය අද

මගී ප්‍රවාහනයේ පමණක් යෙදෙන ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව, ලියාපදිංචි කිරීමේ කටයුතු අද සිට සිදු කළ හැකි බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි සඵලතාවය තීරණය කිරීම සඳහා මෙම ලියාපදිංචි කිරීමේ විධිවිධාන බස්නාහිර පළාතේ (WP) ප්‍රථමයෙන් සිදු කරන බව ඔවුන් ප්‍රකාශ කළේය.

ඒ අනුව, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ හිමියන්ට අතිරේක ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා නිල වෙබ් අඩවිය වන https://wptaxi.lk/ වෙත පිවිසීමෙන් ඔවුන් ලියාපදිංචි කළ හැකිය.

ඉන්ධන සැපයුම් කෝටාව ලීටර් 5 සිට 10 දක්වා වැඩි කිරීමෙන් පසු සියලුම ත්‍රිරෝද රථ නැවත ලියාපදිංචි කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ත්‍රිරෝද රථ ලියාපදිංචිය අද සිට වෙබ් අඩවිය හරහා සිදුකෙරේ.

Newspedia 01

Related post